May 03, 2018

සෝනම් ලබන සතියේ පතිකුලයට!

බොලිවුඩ් පුරයේ විලාසිතා අතින් ඉදිරියෙන්ම සිටින නිළියක් ලෙස සැලකෙන සෝනම් කපූර් ලබන සතියේදී විවාහ වීමට නියමිතය.

ඇගේ මනාලයා වන්නේ නව දිල්ලියේ ව්‍යවසායකයෙකු වන ආනන්ද් අහූජා ය. ආනන්ද් හා සෝනම් පතිකුලයට පිවිසෙන්නේ දිගු කාලයක් පුරාවට පෙමින් බැඳී සිටීමෙන් අනතුරුවය.

මොවුන් දෙදෙනාගේ විවාහය මැයි 08දා පැවැත්වීමට නියමිත අතර, මේ වන විටත් ඔවුන් ගේ විවාහ උත්සවයට අදාල ආරාධනා පත්‍ර ද අන්තර්ජාලයට නිකුත්වී අවසන් ය. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කරන අන්දමට මොවුන් විසින් ආරාධනාපත්‍ර යවා ඇත්තේ සිය ආරාධිතයා ගේ නම් සහිත ඊ-කාඩ් ලෙසයි.

මෙම උත්සව සඳහා ආරාධතා ලබා ඇත්තේ ඉතාමත් සමීප ඥාති මිත්‍ර පිරිසක් පමණක් බවද පැවසේ.

Screen Shot 2018 05 03 at 3.07.24 PM

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top