වසර 2011 සැප්තැම්බර් 30 වැනිදා වන විට ප්‍රදර්ශනය වී අවුරුදු 5ට වඩා වැඩි චිත්‍රපට සඳහා මුදාහල චිත්‍රපටවල ණය ගැති ශේෂය (පොළිය සමඟ) රුපියල් මිලියන 24.5චු බවද වාර්තා වේ.
එම ලයිස්තුව තුළ දැනට චිත්‍රපට සංස්ථා අධ්යක්ෂ මණ්ඩලයේ සිටින සනෝජා බිබිලේගේ නමද ඇතැයි පැවසේ.
එම ලයිස්තුවට අනුව ඇයගේ ණය ශේෂය මිලියන 1.7කි. කෙසේවුවද, සනෝජා මේ සම්බන්ධයෙන් මාධ්‍යට පවසා ඇත්තේ තමා නිෂ්පාදනය කළ අළු යට ගිනි චිත්‍රපටය සඳහා සංස්ථාව ලබාදුන් රුපියල් 75,000 ක මුදලක් ගත් බවත්, එය ණයක් නොවන අතර එය ඕනෑම වෙලාවක නැවත ගෙවිය හැකි බවයි.
එම ලයිස්තුවේ ප්‍රධාන චිත්‍රපට නිෂ්පාදකයින් කිහිපදෙනෙකු සිටින බවද මේ අතර වාර්තා වේ.
ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවට විවිධ අංශවලින් අයවිය යුතු ණය හා පොලී ප්‍රමාණය දළ වශයෙන් රුපියල් මිලියන 400 ක් පමණ වෙතැයි පැවසේ.
Last modified on Monday, 07 May 2018 11:34
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362