May 07, 2018

ඇවෙන්ජර්ස් දින 12කදී බිලියනය පන්නයි!

මේ දිනවල ලොවපුරා තිරගත වන “ඇවෙන්ජර්ස් : ඉන්ෆිනිටි වෝ” චිත්‍රපටය, තිරගත වී දින කිහිපයක් තුළදී බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත් වී තිබේ.

මේ දක්වා තිරගත වූ චිත්‍රපට අතුරින් ඉක්මනින්ම ඇමෙරිකානු ඩොලර් බිලියනයේ ආදායම් සීමාව පසුකරගෙන යාමට මෙම චිත්‍රපටය සමත් වී තිබේ.

මේ සඳහා “ඇවෙන්ජර්ස් : ඉන්ෆිනිටි වෝ” චිත්‍රපටයට ගතවූයේ දින 12 ක් පමණි.

මෙම චිත්‍රපටය චීනයේ තිරගතවීම ආරම්භ වීමට ද ප්‍රථමයෙන් මෙම සීමාව පසුකිරීම, මෙහි විශේෂත්වයයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top