Sathosa

May 10, 2018

බැක්ස්ට්‍රීට් බෝයිස් ලා ස්පයිස් බෝයිස් ලා වෙයි! (වීඩියෝ)

බැක්ස්ට්‍රීට් බෝයිස් යනු 90 වැනි දශකයේ ජනප්‍රියතම බටහිර සංගීත කණ්ඩායමකි.

පසුගියදා ඔවුන් යළිත් කරළියට පැමිණි අතර, එම ප්‍රසංගය ජනප්‍රිය වූයේ ඔවුන්ගේ ගීත සඳහා නොව ඔවුන් ගේ වෙනස් පෙනුමටයි.

කෲස් නෞකාවක පිරිසක් වෙනුවෙන් ගී ගැයීම සඳහා ඔවුන් මෙසේ එක්ව තිබුණේ 90 දශකයේ තවත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ‘ස්පයිස් ගර්ල්ස්’ සාමාජිකයන් ලෙස සැරසීමෙනි.

මෙහිදී නික් කාටර් බේබි ස්පයිස් ලෙස ද, කෙවින් රිචර්ඩ්සන් පොෂ් ස්පයිස් ලෙසද, ඒ.ජේ. මැක්ලීන් ස්කෙයාරි ස්පයිස් ලෙසත් සැරසී සිටි අතර, බ්‍රයන් ලිට්‍රල් ස්පෝටි ස්පයිස් ලෙස හා හවී ඩරෝ ජින්ජර් ස්පයිස් ලෙසද පෙනී සිටියේ, ස්පයිස් ගර්ල්ස් කණ්ඩායමට ගෞරව දැක්වීමක් වශයෙනි.

බැක්ස්ට්‍රීට් බෝයිස් සංගීත කණ්ඩායමේ නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ දී ඔවුන් ගේ පළවූ ඡායාරූපයක් හා මෙම ප්‍රසංගයේ වීඩියෝ දර්ශන පහත දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top