ඇගේ මව් භාෂාව වන හින්දි භාෂාව මෙන්ම දක්ෂ ලෙස සිංහල භාෂාව ද හොඳින් හැසිරවීමේ නිසඟ හැකියාවක් ඇය සතුයි. විවාහයත් සමග ලංකාවට එන ඇය විවාහ වෙලා ඉන්නේ හිටපු ලංකා රගර් නායක ප්‍රදීප් බස්නායක සමගයි. ඒ වගේම ඇයට ලොකු පුතෙක් ඉන්නවා.
ලංකාවේ ගෙවන ජීවිතේ ගැන ඇය කියන්නේ මේ වගේ කතාවක්.
" මගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්දියානු ජාතිකයන්. මට ලංකාවේ වගේම ඉන්දියාවෙන් පුරවැසිභාවය තියෙනවා. ඒත් දැන් මම පදිංචි වෙලා ඉන්නේ නම් ලංකාවේ. ඒත් මගේ සහෝදර සහෝදරියන් ඉන්නේ ඉන්දියාවේ. ඒ නිසා නිතරම මම ඉන්දියාවට ගිහින් පවුලේ අයගේ සැප දුක බලලා එනවා. රංගනය මගේ වෘත්තීය නොවුණත් මම රංගනයට ගොඩාක් ආදරේ කරන කෙනෙක්. නිදහස ලැබෙන හැම වෙලාවේම කලාව වෙනුවෙන් යමක් කරන්න කැමැතියි".
දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ බෝඩිං ඇන්ටි ලෙස රංගනයේ යෙදෙන සංගීතා තදානි පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේද පුරුදු දසුනක්.මේ දිනවල යශෝධරා චිත්‍රපටයේ මහා ප්‍රජාපතී ගෝතමිය ලෙසද රංගනයේ යෙදෙන ඇය සැබවින්මද ඉන්දියාවේ උපන්නියක්.ඇගේ දෙමව්පියන් ඉන්දියානු ජාතිකයන් වෙනවා.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362