Sathosa

May 21, 2018

මැදපෙරදිග යුදගිනි වල දුක ගැන අහන්න එන්න (වීඩියෝ)

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වාතාවරණය පිළිබඳව අරාබි සම්භවයක් සහිත දරුවෙකු විසින් ලෝක බලවතුන්ගෙන් සිදුකරන හැඟුම්බර ආයාචනයක් ඇතුළත් අපූරු වෙළඳ දැන්වීමක් පසුගියදා එළිදක්වා තිබේ.

මෙම වෙළඳ දැන්වීම නිකුත් කර ඇත්තේ Zain නම් කුවේටයේ සිට ක්‍රියාත්මක වන විදුලි සංදේශ සමාගමක් විසිනි.

මෙහි ආරම්භක දර්ශනයේදී ඕවල් කාර්යාලයේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන මෙම දරුවා, ‘සුන්බුන් තුල නිවස සොයාගත්තොත්, මා සමඟ රාමසාන් උපවාසය අවසන් කරන්න එන්න,” යැයි ආරාධනා කරයි.

ඉන්පසු දර්ශනයෙන් පෙන්වන්නේ කුඩා දරු දෙදෙනෙකු සමඟ රෝද පුටුවක සිටින මිනිසෙකු සහ රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ලෙස සැරසී සිටින පුද්ගලයෙකු කෑම මේසයට වාඩිවී සිටින අයුරුය. වසර 2003 දී ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසුව ඇමෙරිකාව, මැදපෙරදිග කලාපයේ යුදවැදෙමින් සිටින අතර, රුසියාව 2015 දී සිරියාව තුළ යුද්ධයට එක් විය.

මීළඟට වෙනස් දර්ශනයක් කරා යොමුවන මෙම වෙළඳ දැන්වීම, ලොව කඳුලෙන් ගිල්වූ ඇලන් කුර්දි දරුවාගේ අවසානය වෙත අවධානය යොමු කරමින් ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ගලා මර්කල් හා කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ගේ හැඩරුවින් යුත් දෙදෙනෙකු බෝට්ටු වලින් වෙරළට පැමිණෙන සරණාගතයන් බේරාගැනීමට උත්සහ ගන්නා අයුරු පෙන්වයි.

ඉන්පසුව සිය නිදන කාමරයේ ඇඳ මත සිටින දැන්වීමේ කතානායකයා උතුරු කොරියානු නායක - කිම් ජොන් අන් ට හැඩහුරුකමින් ඉතා සමාන පුද්ගලයෙකු අමතමින් පවසන්නේ බෝම්බ හඬ හේතුවෙන් තමාට නින්දට යාමට නොහැකි බවයි. ඒ සමගම එම දරුවාගේ කාමරය සුන්බුන් වී ඇති අයුරු දිස්වේ.

පසුව සිරිමැදිරියක රඳවා සිටින ගැහැණු දරුවෙකු නිදහස් කරගන්නා මෙම දරුවා ජෙරුසලම් නගරය වෙත දිව යන අයුරුද අරාබිකරයේ සාම්ප්‍රදායික ඇඳුමින් සැරසුනු සයදෙනකු හා එක්වන අයුරුද අවසානයේදී පෙන්නුම් කරයි. සිරමැදිරියෙන් බේරාගන්නා දැරිය, සිරගතකෙරුණු පලස්තීන ක්‍රියාකාරිනියකු වන අහෙඩ් ටමිමි දැරියට සමාන බව පැවසේ.

මැයි 16 දා යූටියුබ් වෙබ් අඩවියට එක්කෙරුනු මෙම වීඩියෝව මේ වන විට මිලියන 4 දෙනෙකුට වැඩි පිරිසක් නරඹා තිබේ.

සමාජ ජාල මාධ්‍ය අතර මිශ්‍ර ප්‍රතිචාර හිමිවූ මෙම වෙළඳ දැන්වීම පහත දැක්වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top