Sathosa

May 22, 2018

ආදරය සැරිසරන 'අහස්' අනිද්දාට Featured

මාධ්‍යවේදිනී  බුද්ධිනි ජයවර්ධන විසින් රචිත  'අහස්' නවකතාව ලබන 24 වැනිදා සවස 3.45 ට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතය.

මීට වසර 5 කට ප්‍රථම ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට කොටස් වශයෙන් රචිත “අහස්"  නවකතාව ආදරය ගැන වෙනස් විදියට කියවෙන අපූරු වෘත්තාන්තයකි.

මෙම නවකතාව ආශ්‍රයෙන් ටෙලි නාට්‍යක්ද නිර්මාණය කර ඇති අතර එය ඉදිරියේදී විකාශය වීමට නියමිතය.

සිය නවකතාව පිළිබව අදහස් දක්වන ලේඛිකා බුද්ධිනි ජයවර්ධන,

''අහස් කියන්නේ ආදරය වටා ගෙතුණු කතාවක්. ආදරය කියන්නේ මම ප්‍රිය කරන කාරණාවක්. ජීවිතේ ජීවත් කරන ප්‍රබලම සාධකය ආදරය. මම විශ්වාස කරනවා සැබෑ ආදරය මැරුණමවත් නැති වෙන්නේ නෑ කියන එක. අහස් තුළින් මම කතා කරන්නේ විරුද්ධ ලිංගික ආදරය විතරක් නෙවෙයි. පවුලක තියෙන ආදරය , ලබැදියන් හා බැදෙන ආදරය ගැන මම මෙහිදී කතා කරනවා'' යැයි ඇය ශ්‍රී ලංකා මිරර් සමග පැවසීය.

වර්ෂ 1997 දී තිරතරු සහ ත්‍රිශූල පුවත්පත් සමග නිදහස් ලේඛිකාවක් ලෙස එක්වූ ඇය පසුව සත්දින පුවත්පතේ අතිරේක සංස්කාරකවරිය ලෙසද ශෝව් ටයිම්ස්  සගරා කර්තෘවරිය ලෙසද පසුව සරසවිය පුවත්පතේ මාධ්‍යවේදිනියක් ලෙසද කටයුතු කළාය.

කලා පවුලකට උරුමකම් කී ඇගේ ලියා කලාශිල්පී නිහාල් ජයවර්ධනයන්ය. අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ප්‍රවීණ රංගධරයෙකුද වන ඩොමී ජයවර්ධනයන් ඇගේ සීයාය. ලේඛිකාවක් වුවද ඇය මුලින්ම චිත්‍රපට රංගනයට එක්වන්නේ වයස අවුරුදු තුනේදී විජය කුමාරතුංගයන් සමගය. එදා මෙදා තුර කාලයේ චිත්‍රපට 50 කට වැඩි සංඛ්‍යාවක ප්‍රධාන මෙන්ම උප ප්‍රධාන චරිතවලට හඩ කැවූ ඇය රූපවාහිණි හඬ කැවීම් ශිල්පිණියක් ලෙසද කටයුතු කරන්නීය.

අහස් ඇගේ දෙවැනි නව කතාව වන අතර මීට ප්‍රථම ඇය විසින් රචිත 'සඳ කිදුරී මං' නව කතාව පසුගියදා  'මේ මමයි' නමින් ටෙලිනාට්‍යක් ලෙස විකාශනය විය. මීට අමතරව ඇය විසින් තිර රචනා කරන ලද 'ආදර දඩයම' සහ 'විහාරා ටෙලි' නාට්‍ය ඉදිරියේදී විකාශනය වීමට නියමිත ටෙලි නාට්‍ය වේ.

ආදරය පිරුණු සොදුරු කැදැල්ලක ප්‍රිය  බිරිද වන ඇය ලොකු පුතෙකුගේ ආදරණිය අම්මා කෙනෙකි.  ජීවිතේ කවුරුත් හැලහැප්පීම් අත්විදිද්දී ඇගේ පැතුම මනුස්සකම් රැකගෙන ලොවට ආදරය බෙදා දෙමින් ඉදිරියට යාමයි .

Ahas

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top