May 26, 2018

කුසල් ගේ “කොටඋඩ ඇත්තෝ” 02දා එළිදකී

ජ්‍යෙෂ්ඨ  මාධ්‍යවේදී සහ දේශපාලන විචාරක කුසල් පෙරේරා ගේ නවතම කෘතිය වන “කොටඋඩ ඇත්තෝ” ලබන සෙනසුරාදා (02) එළදැකීමට නියමිතය.

මහාචාර්ය ස්ටැන්ලි විජේසුරිය මාවතේ පිහිටි බස්නාහිර පළාත් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පෙ.ව. 8.30 සිට 11.00 දක්වා මෙම අවස්ථාව පැවැත්වේ.

මෙම අවස්ථාවට එක්වී කිරිබත් සහ කට්ට සම්බෝලය සමග කහට කෝප්පයක්, ප්ලේන්ටියක් තොලගාන අතර නිර්මාණි ලියනගේ හා අසංක සේනාධීර ගේ කටගැස්මෙන් රසවත් වන “කොටඋඩ ඇත්තෝ” සංවාදය සමග එකතු වන ලෙස පෙරේරා මහතා සිය හිතවතුන්ගෙන් ඉල්ලා සිටියි.

kotauda aththo2
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top