May 31, 2018

ඒක වෙනම කතාවක්.. අනුලාට දීර්ඝායු


ජ්‍යෙෂ්ඨ රංගනවේදිනි අනුලා කරුණාතිලකගෙ වස්දොස් සේරම දුරුවෙන්න ඇති. එහෙම කියන්නෙ මොකද දන්නවද. ඇය මියගියා කියලා ඉකුත් දිනවලදී රාවයක් පැතිරුණ නිසා. 

බොහෝදෙනෙක් සොයලා බලන්නෙ නැතුව ඒ පුවත තවත් අයවලුන් වෙත යවලත් තිබුණා ෆේස්බුක් හරහා. 

එතන වුණේ පැටලිල්ලක්. ඇත්තටම එය ගිහින් තිබුණ ගොළු හදවත නවකතාවේ දමිම්ගෙ චරිතය පාදක වෙච්ච ඇත්තම දම්මි වන පද්මා ලාලනි මේ පුවත පටලා ගත් ඇතැම් අය හිතුවේ මේ මිය ගියේ අනුලා කියලා. ඇයගෙ ගොලු හදවත චිත්‍රපටයෙ දම්මිට රඟපෑවෙ කොහොම කෙසේවෙතත් පසුව මෙම කාරණය නිරවුල් වුණා. 

මේ හේතුවෙන් අනුලාගේ වස් දොස් එහෙමත් පලා යන්න ඇති. අපට සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිණිය වන අනුලාට අප දීර්ඝායු පතනවා.

සරසවිය

සබැඳි පුවත්

සුගත් ගොළු කළ සැබෑම දම්මි දැයෙන් සමුගනී

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top