Sathosa

Jun 05, 2018

මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න දිවියෙන් සමුගනී

ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න  මහතා අද (05 දා) දින අභාවප්‍රාප්ත වී තිබේ.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇත්තේ මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී බව වාර්තා වේ.
 
ඒ මහතා මියයන විට කරුණාරත්න 56වැනි වියෙහි පසුවූ අතර  අන්තර්ජාලය හරහා විකාශය වන හෙරිටේජ් ටීවී හි ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය.
 
එසේම ඒ මහතා මෙරට රූපවාහිනී ආයතන කිහිපයකට ම සිය දායකත්වය ලබා දුන්නේය.
 
ඔහු ජාතික රූපවාහිනියේ ඉදිරිපත් කළ“නමයයි පහ” වැඩසටහන මෙරට ප්‍රේක්‍ෂකයන් වැළඳගත් සොදුරු වැඩසටහනකි.
 
මැලේසියාව, ජර්මනිය හා එක්සත් ජනපදයේ ලන්ඩන් නගරයේ ජන මාධ්‍ය ක්ෂේත්‍රය පිලිබඳ වැඩි දුර අධ්‍යාපනය ලැබූ හේම නලින් කරුණාරත්න ‘Beyond 2000’ , ‘Lonely Planet ‘ වැනි විදෙස් වැඩසටහන් වලින් ආභාෂය ලබා ගෙන දේශීය මුහුණ වරකින් “නමයයි පහ” යන වාර්තා වැඩසටහන රැගෙන ආවේය.
 
හේම නලින් කරුණාරත්න  මහතා  නිවේදකයකුට වඩා දැවැන්ත මෙහෙවරක් රූපවාහිනී ක්‍ෂේත්‍රය තුළ ඉටු කළ අයෙකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top