නාට්‍ය මාලාවේ පළමු දිගහැරුම අද රාත්‍රි 10.30ට විකාශනය කෙරෙන අතර, ඉන් අනතුරුව සෑම බ්‍රහස්පතින්දා දිනකම එම වෙලාවටම විකාශනය වේ. ශ්‍රී ලාංකික රසිකයින්ගේ රස වින්දනය හා පහසුව උදෙසා මෙම නාට්‍ය මාලාව සිංහල උපසිරැසි ගන්වා ඇත.
මෙම ප්‍රේම වෘතාන්තයේදී එහි ප්‍රධාන චරිතය මවන තරුණයා හට තම පාසල් ප්‍රේමය නැවත හමුවේ. නොයෙක් හැලහැප්පීම් සහ බාධක මධ්‍යයේ ඉදිරියට ඇදෙන මෙම සංකීර්ණ සම්බන්ධය අවසානයේදී ඔහු සත්‍ය ප්‍රේමය ග්‍රහණය කර ගනියි.
ජපාන පදනමේ විශේෂ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය මගින් පිරිනැමෙන මෙම රූපවාහිනී වැඩසටහන, ශ්‍රී ලාංකිකයන් අතර, ජපානය පිළිබද අවබෝධය වඩාත් පුළුල් වීමට දායක වෙතැයි තානාපති කාර්යාලය විශ්වාස කරයි.