Sathosa

Jun 08, 2018

මහරජ කන්සාට පණ පොවන මනිෂ් ගැන ඔබ නොදත් කතාව

"මහරජ කන්සා", ඇස් බැඳගෙන බලන නාට්‍යයක්.  ඉන්දියාවේ පරමාවතාර් ශ්‍රී  ක්‍රිෂ්ණා නමින් විකාශනය වූ මේ ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිත අතරින් කන්සා නොහොත් කන්ස් නම් වූ චරිතය මඟ හමුවුවොත් මරන්න තරම් හිතෙන චරිතයක්. දුෂ්ට කන්සා රඟන දක්ෂයා මනිෂ් වාද්වා. මේ කියන්නේ ඔහු ගැන.
මේ දිනවල විකාශය වන චන්ද්‍රගුප්ත මෞර්ය හෙවත් චන්ද්‍ර නන්දිනි ටෙලි නාට්‍ය මාලාවේ ද  චානක්‍ය” චරිතය නිරූපණය කරන්නේ ඔහු .
 
1972 වසරේ අප්‍රේල් 23 වැනි දා ඉන්දියාවේ හරියානා හි උපන් මනිෂ් පාසල් කාලයේ සිටම පාසල තුළ ජනප්‍රිය චරිතයක් වුණේ වේදිකා රංගනය නිසා. 
 
රංගනය වෙනුවෙන් ඔහු දැක් වූ කුසලතාව කෙතරම් ද යත් දිස්ත්‍රික් පාසල් රංගන තරගාවලිවලදී වසර පහක් නොකඩවා ඔහු හොඳම නළුවා සඳහා වූ සම්මානය ලබා ගත්තා. පාසල් ජීවිතයෙන් පසු ඔහු මුම්බායි විශ්වවිද්‍යාලයට ඇතුළු වී ගිණුම්කරණය හැදෑරුවා.විශ්වවිද්‍යාලය තුළ පවා ඔහු අපූරු රංගධරයෙක් වුණා.
 
විශ්වවිද්‍යාල උපාධිය ගත් මනිෂ් පසුව සම්මානනීය වේදිකා නළුවෙක් බවට පත්වුණා.ඒ කාලයේ ඔහුට හින්දි සිනමාවට සහ රූපවාහිනියට දොරටු විවර වුණා.
 
ඒ 1997 වසරේ ”ශක්තිමාන්” නම් දමිළ ටෙලි නාට්‍යයට එක්වීමෙන්. පසුව 2001 වසරේදී ”රාහුල්” චිත්‍රපටයේ රංගනයට දායක වෙමින් සිනමාවටද එක්වුණා. සහජයෙන් උරුම වී තිබූ ගැඹූරු කටහඩ ද මනිෂ්ට දේවාශිර්වාදයක් වගේ. මේ නිසා ඔහුට හඬ කැවීම් සඳහාද අවස්ථාව උදා වුණා.
 
හින්දි සහ දමිළ සිනමාවට වඩා ඔහු විදෙස් සිනමා නිර්මාණ සඳහා දායක වුණා. ඔහු විසින් රංගනයෙන් සහ හඩ කැවීමෙන් එක්වූ ඉංග්‍රීසි සිනමා නිර්මාණ ගණන 14 ක්.
 
මේ වනවිට නිෂ්පාදන කාර්යයට ද අත ගසා ඇති මනිෂ් සිනමා නිෂ්පාදකවරයකු ලෙස පළමු වරට කළඑළි බසින්නේ මේ 2019 වසරේ මුල් කාලයේ දී. ඒ ඔහු සිය බිරිඳ ප්‍රියංකා වාද්වා සමඟ එක්ව නිර්මාණය කරනු ලබන කුළුඳුල් සිනමා නිර්මාණයෙන්.
34830170 10216909694322745 361796912459808768 n
මනිෂ් වාද්වා සිය පවුලේ සාමාජිකයන් සමග
 
34670861 10216909990810157 3901991132879388672 n
මනිෂ් වාද්වා සිය බිරිද සමග
 
34594118 10216909991210167 1769911698619105280 n
මනිෂ් වාද්වා සිය දියණිය සමග
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top