සම සාධාරණ වූ සමාජයක අවශ්‍යතාව තේමා කරගත් කලාකරුවන් 15 දෙනෙකුගේ නිර්මාණ ඇතුළත් මෙම ප්‍රදර්ශනය නූතන චිත්‍ර, කෙටි චිත්‍රපට, නාට්‍ය, විරිඳු, කවි, ගීත හා සංගීතාත්මක අංගවලින් ද සමන්විතය.
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය වැළැක්වීමේ මෙවලමක් ලෙස ශ්‍රව්‍ය හා ද්‍රෘෂ්‍ය කලාව යොදාගැනීමේ කතිකාවතක් ගොඩනැගීම සඳහා මෙරට කලාකරුවන්ගෙන් යුතු එකතුවක් වන මිනිසුන්ගේ හඬ ස්වෙච්ඡා සංවිධානය (Voices of Humans) මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංවිධානය හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ මාර්ගෝපදේශනය යටතේ මෙම කලා ප්‍රදර්ශනය පැවැත්වෙන අතර මෙය සියලු දෙනාට විවෘතය.
Genderless Jungle කලා ප්‍රදර්ශනය ඊයේ (09) පැවැත්විණ.
Genderless Jungle කලා ප්‍රදර්ශනය අද (10) දිනයේ ද උදෑසන 10 සිට රාත්‍රී 9 දක්වා කොළඹ දෘශ්‍ය කලා පීඨයේ ජේ. ඩී. ඒ. පෙරේරා ගැලරියේදී පැවැත්වේ.
Last modified on Monday, 11 June 2018 06:12
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362