‘ජුරාසික් වර්ල්ඩ් : ෆෝලන් කිංඩම්’ චිත්‍රපටය මේ වන විට ලොවපුරා කලාප 48ක එළිදක්වා ඇති අතර, එම කලාප සියල්ලේම අංක එකේ චිත්‍රපටය බවට පත්ව තිබේ.
මේ අතුරින් ඉහළම ආදායම් වාර්තා වන්නේ කොරියාවෙනි. ඒ, ඇමෙරිකානු ඩොලර් මිලියන 27.2කි.
මෙම චිත්‍රපටය තවමත් ඇමෙරිකාවේ එළිදක්වා නැති අතර, ඉදිරි මාස දෙක තුළදී චීනය, ඕස්ට්‍රේලියාව හා බ්‍රසීලය ඇතුළු කලාප 21ක එළිදැක්වෙනු ඇත.