හොඳම නාට්‍යය, හොඳම පසුතල නිර්මාණය, වේදිකා නාට්‍යයක හොඳම ඇඳුම් නිර්මාණය, වේදිකා නාට්‍යයක හොඳම ආලෝකකරණය,වේදිකා නාට්‍යයක හොඳම ශබ්ද නිර්මාණය හා හොඳම අධ්‍යක්ෂණය සඳහා හිමි සම්මාන මෙම වේදිකා නාට්‍යයට හිමිවිය.
ලොව අතිශය ජනප්‍රිය වූ ‘හැරී පොටර්’ කතා මාලාව ආශ්‍රිතව නිර්මාණය වූ ‘හැරී පොටර් ඇන්ඩ් ද කර්ස්ඩ් චයිල්ඩ්’, ජැක් තෝන්, ජේ. කේ. රෝලින් හා ජෝන් ටිෆනි ගේ අදහසකට අනුව තෝන් විසින් රචනය කර තිබේ. ‘හැරී පොටර්’ කතා මාලාවේ පසුවදන ඇරඹෙන ස්ථානයේ සිට සිදුවන සිදුවීම් මාලාවක් මෙම නාට්‍යයේ දිගහැරෙයි.
මෙම නාට්‍යය 2016දී එළදැක්වුණු අතර, මෙහි තිරරචනය, කෘතියක් ලෙස එළිදක්වනු ලැබුණි.