Jun 18, 2018

‘රේස් 3’ දින දෙකෙන් කෝටි 36 පන්නයි!

දැවැන්ත බොලිවුඩ් තරුවක් වන සල්මාන් ඛාන් ප්‍රධාන චරිතය රඟන ‘රේස් 3’ චිත්‍රපටය පසුගිය සිකුරාදා (15) ඉන්දියාවේ එළිදැක්වුණු අතර, එම චිත්‍රපටයට දැවැන්ත ප්‍රතිචාර හිමිවිය.

Boxofficeindia.com වෙබ් අඩවියට අනුව එළිදක්වා දින දෙකකින් ඉන්දියානු රුපියල් කෝටි 36ක ආදායමක් ලැබීමට ‘රේස් 3’ සමත් වී තිබේ.

රෙමෝ ද සූසා ගේ අධ්‍යක්ෂණයක් වන ‘රේස් 3’ චිත්‍රපයේ අනෙකුත් ප්‍රධාන චරිත සඳහා බොබී ඩියොල්, අනිල් කපූර්, ජැකලින් ෆර්නැන්ඩස්, ඩේසි ශාහ් හා සකීබ් සලීම් එක්ව සිටියි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top