Sathosa

Jun 19, 2018

චිත්‍රපට මණ්ඩල අහෝසි වෙයි ! Featured

චිත්‍රපට මණ්ඩල අහෝසි කර ඒවා චිත්‍රපට සංස්ථාවට පවරාගැනීමට පියවර ගන්නා බව විශයභාර අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියා සිටී.

අමාත්‍යවරයා මේබව කියා සිටියේ සිනමා මණ්ඩලහිමියන්, චිත්‍රපට ප්‍රදර්ශකයන් හා චිත්‍රපට ආනයනකරුවන් අතර ඊයේ (18) පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.

අද (19) පෙරවරුවේ චිත්‍රපට සංස්ථාවේදී මාධ්‍ය හමුවක් පවත්වා මෙය මාධ්‍ය වෙතද දැනුම්දීමට නියමිත බව එම කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙමගින් චිත්‍රපට සංස්ථාවට අහිමිවූ විශාල මුදලක් නැවත චිත්‍රපට සංස්ථාවට හිමිවන බවත්, මෙතෙක් කල් සුදු අලියෙක්ව පැවැති චිත්‍රපට සංස්ථාවට එම කේෂත්‍රයේ මහා වෘක්ෂය බවට නැවත පත්වීමට මෙය අවස්ථාවක් වන බැවින් අමාත්‍යවරයා මේ පියවර ගැනීමට යන බව පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top