‘Mid-Day’ ටැබ්ලොයිඩ් සඟරාව හා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා තිබුණේ මෙහි දෙවැනි කොටසක් නිර්මාණය කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බවයි. කෙසේවුවද, ප්රවීණ තිරරචක අභිජත් ජෝෂී සමග මේ සම්බන්ධයෙන් අත්පොත් තැබූ නමුත්,එය සම්පූර්ණ කිරීමට කලක් ගත බව ඔහු සඳහන් කර තිබේ.
කෙසේවෙතත් එම සඟරා තවදුරටත් වාර්තා කර ඇත්තේ තමාට ලැබූ ආරාචිමාර්ග වලට අනුව හිරානි විසින් ‘3 idiots’ දෙවැනි කොටසක් නිර්මාණය කිරීමට පෙර මුන්නා භායි 3 චිත්රපටය ආරම්භ කරනු ඇත.
මේ දින වල හිරානි, සිය නවතම චිත්රපටය වන සංජු හි ප්රවර්ධන කටයුතු සමග කාර්යබහුල වී සිටියි.
ජනප්රිය නළු සංජේ දත් ගේ ජීවිත කතාව ඇසුරෙන් තැනුනු මෙම චිත්රපටයට රන්බීර් කපූර්, පරේෂ් රවාල්, සෝනම් කපූර්, මනීෂා කොයිරාල, අනුෂ්කා ශර්මා, දියා මිර්සා ඇතුළු නළු නිළියක් ද එක්ව සිටියි.