Sathosa

Jun 25, 2018

මෙරට පළමු ත්‍රිමාණ චිත්‍රපටය නිර්මාණය වෙයි Featured

ප්‍රවීන මාධ්‍යවේදියෙකු මෙන්ම ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන රොහාන් වැලිවිට සිංහල සිනමාවට ප්‍රථම ත්‍රිමාන (3D) චිත්‍රපටය එක් කිරීමට සූදානම් වෙයි. 'ශක්ති' නමින් නම් කොට ඇති මෙය ක්‍රියාදාම චිත්‍රපටියකි.

මෙහි රූගත කිරීම් ලබන ඔක්තෝබර් මාසයේ ආරම්භ කිරීමට නියමිතය.

'ශක්ති' රොහාන්ගේ දෙවන චිත්‍රපටියයි. පළමු චිත්‍රපටිය වන 'සුසීමා' චිත්‍රපටියෙන් රොහාන් කථා කළේ තරුණ්‍යය සහ මත්ද්‍රව්‍ය උවදුර ගැනය.

අධ්‍යක්ෂවරයාගේ ම තිර රචනයක් වන 'ශක්ති' තේමාව වී ඇත්තේ ද මෙරටට මහත් ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍ය ජාවාරමයි. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට රජය සහ පොලිස් දෙපාර්තමේන්තුව නිර්භීතව කටයුතු කරන නමුත් මෙම ජාවාරම කොතරම් ගැඹුරකට සමාජය ගිල ගෙන ඇද්ද යන්න ඉන් නිරූපණය කෙරේ.

මීට පෙර සිංහල සිනමාව තුළ මෙවැනි තේමාවකින් යුත් චිත්‍රපටියක් නිර්මාණය වී නැත.

මෙම ක්‍රියාදාම චිත්‍රපටියෙන් සිංහල සිනමාවට නවක ප්‍රධාන නළු නිළි යුවලක් හඳුන්වාදීමට ද රොහාන් වැලිවිට අපේක්ෂා කරයි.

ලකී ඩයස්, රොජර් සෙනෙවිරත්න හා බුද්ධික ජයරත්න තවත් ප්‍රධාන චරිත කිහිපයක් නිරූපණය ස`දහා තෝරා ගෙන ඇත.

මේ හැර රංගනයේ දක්ෂතා ඇති නවකයන් ගණනාවකට මෙම චිත්‍රපටිය තුළින් රංගන වරම් හිමිකරදීමට ද අධ්‍යක්ෂ රොහාන් වැලිවිට තීරණය කර තිබේ.

ත්‍රිමාන සිනමාව මේ වන විට මෙරට සිනමා රසිකයින්ට ඉතා සමීප සිනමා තාක්ෂණ විධි ක්‍රමයකි. මේ නිසා ඔවුන් අත්වි`ද ඇති විදේශීය ත්‍රිමාන චිත්‍රපට රසයම ලබා දීමේ අරමුණින් තම චිත්‍රපටිය සඳහා දැනට ලොව භාවිත වන ඉහළම ත්‍රිමාන තාක්ෂණය හා උපකරණ යොදා ගන්නා බව ද රොහාන් වැලිවිට පවසයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top