Sathosa

Jun 27, 2018

දැවෙන විහඟුන් අනිද්දා සිට ලංකාවේ

ජාත්‍යන්තර සම්මාන දිනු සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් (Burning Birds) වෘත්තාන්ත චිත්‍රපටය මෙම මස 29 වැනිදා සිට රීගල්, ලිඩෝ ඇතුළු සෙල් (CEL) සහ රිත්මා මණ්ඩලයේ සිනමාශාලාවල ප්‍රදර්ශනය සඳහා සූදානම්ව තිබේ.

නොසිතු මොහොතක නන්නාදුනන අවිගත් පිරිසක් තම ස්වාමියා සහ පියා ඝාතනය කිරීමෙන් පසු තම දරුවන්ට සහ සහෝදර සහෝදරියන්ට යහපත් ජීවිතයක් උදාකර දීම වෙනුවෙන් කැපවෙන උදාර මවක් සහ ඇගේ තරුණ දියණිය වටා ගෙතී ඇති දැවෙන විහඟුන් කැපවීම සහ පරිත්යාගය පිළිබඳ වීර කාව්යයකි.

දැවෙන විහඟුන් චිත්රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටයයි. සමනලී ෆොන්සේකා, චාන්දනී සෙනවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, අනෝමා ජනාදරී, ලීයෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක රංගනයෙන් දායකවන දැවෙන විහඟුන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනී. ඇදුම් නිර්මාණය අජන්ත අලහකෝන්, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක, සංස්කරණය අජිත් රාමණායක සහ කැතරිනා වර්තේනා(Katharina Wartena), වර්ණ සංයෝජනය එළි අකෝකා (Elie Akoka), ශබ්ද පරිපාලනය ප්රියන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින් (Nicolas D'halluin) විසින් සිදුකර තිබේ.

මෑත වර්ෂවලදී ඉහළම ජාත්යන්තර අවධානය දිනා ගත් ශ්රි ලාංකික චිත්‍රපටය වන දැවෙන විහඟුන් ජපානයේ 17 වන ටෝකියෝ ෆිල්ම්එක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේ දී (17th Tokyo FILMeX International Film Festival) ජුරියේ සුවිශේෂ සම්මානය (Special Jury Prize / දෙවන ස්ථානය)යත් 15වන ජිනිවා අන්තර්ජාතික සිනමා උළෙලේදී (FIFDH) හොඳම චිත්‍රපයට සඳහා සම්මානය මෙන්ම තරුණ ජුරි සම්මානයද දිනාගත්තේය. මීට අමතරව ලොස් ඇන්ජලීස් ලෝක ආසියානු සිනමා උළෙලේ හොඳම නිළීයට හිමි සම්මානයද දැවෙන විහඟුන් චිත්‍රපටය දිනා ගැනීමට සමත්විය. මීට අමතරව 46වැනි අන්තර්ජාතික සිනමා උළෙලේදි ඉහළම ප්රේක්ෂක මනාපය දිනු චිත්‍රපට අතර 17 වැනි ස්ථානය දිනා ගැනීමට දැවෙන විහඟුන් චිත්‍රපටය සමත්වුයේ චිත්රපට 167ක් අතරිනි.

දැවෙන විහඟුන් ශ්‍රී ලංකා, ප්‍රංශ, දොහා කටාර් සහ නේදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි. රේණුකා බාලසුරිය සහ සෝමරත්න දිසානායක සමගින් ප්රංශයේ නියෝන් (Neon Production) ප්‍රඩක්ෂන් වෙනුවෙන් අන්තොනා දෙදේ (Antonin Dedet) සහ ඩොමිනික් විලෙන්ස්කිත් (Dominique Welinski) ශ්‍රී ලංකාවේ සපුෂ්ප එක්ස්ප්‍රෙෂන්ස් (Sapushpa Expressions) වෙනුවෙන් සංජීව පුෂ්පකුමාරත් දැවෙන විහඟුන් චිත්රපයේ නිෂ්පාදකයන් ලෙස කටයුතු කරයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top