Sathosa

Jun 28, 2018

BIG BAD WOLF යළිත් ලංකාවේ ! (ඡායා)

ලොව සුපතල පොත් අලෙවියක් වන BIG BAD WOLF පොත් අලෙවිය දෙවන වරටත් ශ්‍රී ලංකාවේදී ආරම්භ විය.

මෙම පොත් අලෙවිය ජුනි මස 28 වන දින සිට ජුලි 8 දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ඊයේ (27) පැවති මෙහි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍ය - අකිල විරාජ් කාරියවසම් මහතා එක්ව සිටි අතර BIG BAD WOLF BOOKS හි නිර්මාතෘ සහ කළමණාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ යැප්, සම නිර්මාතෘ ජැකලින් ng, BIG BAD WOLF හි මලයාසියානු සහකරු දීපක් මාධවන් මහතා, Pro Read Lanka (pvt) Ltd හි අධ්‍යක්ෂ නිෂාන් වාසලතන්ත්‍රී ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

ජුනි 28 වනදා පෙරවරු 10 සිට ජුලි 08 වනදා දක්වා අඛන්ඩව පැය 255 ක් පුරා විවෘතව තැබෙන මෙම ප්‍රදර්ශනය සඳහා ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ වීම විශේෂත්වයකි.

Big Bad Wolf හි මලයාසියානු සහකරු වන දීපක් මාධවන් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මෙම පොත් අලෙවිය පැය 24 පුරා විවෘතව ඇති බැවින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ජීවත්වන්නකුට සිය කැමැත්ත පරිදි පොතපත තෝරා ගැනීමට අවශ්‍ය තරම් කාලය තිබෙන බවත්, එමෙනම ඕනෑම වයසක පසුවන්නෙකුට සිය කැමැත්ත පරිදි පොත පත තෝරා ගැනීමට මෙහිදී හැකියාව ලැබෙන බවත් ය.

අධ්‍යාපන අමාත්‍යංශයේ පුර්ණ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන මෙම පොත් අලෙවිය සඳහා නිල බැංකුකරණ සහකරු වශයෙන් ලංකා බැංකුව ද, මොබිටෙල් සමාගම නිල දුරකථන සහකරු වශයෙන් ද, කැපිටල් මහාරාජා සමාගම ද ආදී වශයෙන් ආයතන ගණනාවක් සහය දක්වයි.

ප්‍රදර්ශනය තුලදී ප්‍රබන්ධ, හොඳම අලෙවියක් ඇති පොත්, සාහිත්‍යය, ප්‍රබන්ධ නොවන, ව්‍යාපාරික පොත පත, ඉවුම් පිහුම්, කලාව සහ නිර්මාණ, කොෆි ටේබ්ල් බුක්, ළමා කතන්දර, පාට කිරීම් සහ ක්‍රියාකාරකම් , අධ්‍යාපන ආදී පොත පත රැසක් 60% ත් 80% අතර වට්ටම් යටතේ මිළදී ගැනීමට අවස්ථාව හිමිවෙයි.

Big Bad Wolf හි දේශිය සහකරු වන ProRead Lanka හි අධ්‍යක්ෂ නිශාන් වාසලතන්ත්‍රී මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, මෙම පොත් අලෙවියේ මුලික අරමුණ වන උසස් තත්වයේ හොඳම පොතපත අඩු මිලකට මිලදී ගැනීමට ලාංකික ජනතාවට අවස්ථාව උදා කිරීම තුලින් ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂාමය දැනුම වර්ධනය කිරීමට දායක වන බවයි.

සියලුම දෙනාට අඩු මුදලට හොඳ ඉංග්‍රීසි පොත් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන BIG BAD WOLF පොත් දැක්ම මෙවර සිය Red Readerhood වැඩසටහන ඔස්සේ මෙරට ප්‍රජා මෙහෙවරෙහි නිතර වෙමින් ප්‍රජාව සඳහා පොත් පත් පරිත්‍යාග කිරීමටද සූදානම්ව සිටියි. සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ ගම්මැද්ද˜ ප්‍රජා සේවාව හා එක්වෙමින් මෙම ප්‍රජා මෙහෙවරහි නිරත වීමට අපේක්ෂා කරන අතර පාරිභෝගිකයින්ට පොත් මිළදී ගැනීමෙන් සහ ඒ සඳහා පොත් පරිත්‍යාග කිරීමෙන් මෙම වැඩසටහන සඳහා දායක වීමට අවස්ථාව හිමිවෙයි.

සීමිත පිටපත් සංඛ්‍යාවකින් සමන්විත ඉතා වටිනා පොත් මිලදී ගැනීමට අමතරව මෙම BIG BAD WOLF පොත් අලෙවිය සඳහා පැමිණෙන පොත් ලොලීන්ට සමරු ටී ෂර්ට් සහ වෙනත් සමරු රැසක් අලෙවි කිරීම ද මෙහිදී සිදුවෙයි. මේ වසරේ සිට මෙම පොත් අලෙවියෙන් පොත් මිලදී ගැනීමේදී ප්‍රතිචක්‍රියකරණය කළ හැකි බෑගයක් ලබාගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයින් වෙත පිරිනමා ඇත්තේ ප්ලාස්ටික් බෑග් භාවිතයෙන් සිදුවන පාරිසරික හානි වලට විකල්පයක් ලෙසිනි. පොත් අලෙවිය ට සමගාමීව එළිමහනේ ආහාර අලෙවි සැල් කිහිපයක්ද පාරිභෝගික පහසුව සඳහා ඉදි කර ඇත. The Sandwich Factory හි හිෂාම් කාදර් විසින් එහි කළමණාකරණය සිදු කරයි. තවද පාරිභෝගික පහසුව සඳහා මෙම සේවාව uPay යෙදුම මගින් බලගන්වා ඇත. මෙම ප්‍රදර්ශන සහභාගීවන ආහාර අලෙවි සැල් අතරට, පීසා හට්, එළිෆන්ට් හවුස්/කීල්ස් ක්රෙස්ට් සහ අක්බාර් ටී ද ඇතුළත් වේ.

පහත දැක්වෙන ලින්ක් එක භාවිත කරමින් BIG BAD WOLF වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් මෙම පොත් අලෙවිය තුළ දී සුවිශේෂි වරප්‍රසාද රැසක් හිමිකරගත හැකිය. https://www.bigbadwolfbooks.com/lk/register/english

BIG BAD WOLF හි සමාජ මාධ්‍ය Facebook: https://facebook.com/bbwbookssrilanka

1

2

3

4

6

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top