Jun 29, 2018

ඇත්ත වගේ චිත්‍ර අඳින අවු. 11 දරුවා (වීඩියෝ)

ඔහු කරීම් වාරිස් ය. වයසින් තවමත් 11 හැවිරිදි ළපටි දරුවෙකු වුවත්, ඔහු ගේ සහජ හැකියාව සිය වයසට බෙහෙවින් මුහුකුරා ගොස් ඇත්තකි.

නයිජීරියානු ජාතිකයෙකු වන කරීම් චිත්‍ර ශිල්පයට අත්පොත් තබා ඇත්තේ වයස අවුරුදු 8ක දරුවෙක්ව සිටියදීය.

සිය වටපිටාවෙන් මතුවන දසුන් සිය සිත්තම් වල සටහන් කරගන්නා ඔහු අනුගමනය කරන්නේ hyper realism ශෛලියයි.

ලොව විශිෂ්ටතම චිත්‍ර ශිල්පියෙකු වීම සිය අරමුණ බව කරීම් පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top