ඇය 99 වියේ පසුවූවාය.
සා සා, සිය පවුලේ සාමාජිකයන් හා හිතමිතුරන් මැද සිය නිවසේදී අවසන් හුස්ම හෙළු බව ඇගේ සැමියා වන Frederic von Anhalt ප්‍රංශ පුවත් සේවයට පවසා තිබේ.
වසර 1917 පෙබරවාරි 06දා හංගේරියාවේ දී උපත ලැබූ ඇය සැරී ගැබෝර් වූවත්, ඇයව සිය පවුලේ සාමාජිකයන් හඳුන්වනු ලැබුවේ 'සා සා' නම් සුරතල් නාමයෙනි.
දෙවැනි ලෝක යුද සමයේදී ඇමෙරිකාවට සංක්‍රමණය වූ සා සා, හොලිවුඩ් පුරයට පා තැබුවේ 1952දී ය. ඇය සිය රංගන දිවිය තුළ චිත්‍රපට 70ක පමණ රඟපෑවාය.
ඇගේ රෑපසොබාව හා රංගන කුසලාතා වලට මෙන් ම ගැබෝර් වඩාත් ජනප්‍රිය වූයේ ඇගේ පෞද්ගලික ජීවිතය හා දිවිපැවැත්ම හේතුවෙනි.
වසර 20දී පළමු වරට විවාහ වූ ඇය, ජීවිතය තුළ 09 වරක් විවාහ වූවාය. ඉන් විවාහ 07ක් ම කෙළවර වූයේ දික්කසාදයෙනි.
කෙසේවෙතත්, පසුගිය කාලය පුරාවටම අසනීප තත්වයේ පසුවූ ගැබෝර්, ලබන වසරේදී යළිත් සිය මව්රටට ගොස් ජීවිතයේ ඉතිරි කාලය ගතකිරීමට 2016 අප්‍රේල් මාසයේදී කැමත්ත පළ කර තිබුණු අතර, ඇගේ සිහිනය සැබෑ කිරීමට ඇගේ සැමියා විසින් කටයුතු යොදා තිබුණි.