Jul 02, 2018

දෙරණ පුවත්පත් සමාලෝචනයට හෙට සිට නිවුයෝක් ටයිම්ස්සුත් කියවයි ! Featured

දෙරණ FM සේවයේ දෛනික පුවත්පත් සමාලෝචනයට (අනූපමා) හෙට (03) සිට නිවුයෝක් ටයිම්ස් පුවත්පත එක්කර ගැනීමට කටයුතු කරන ලෙස එහි නිවේදක ජොන්සන් අන්කල් විසින් ලහිරු මල්ලීට ප්‍රසිද්ධියේ උපදෙස් ලබාදී තිබේ.

එම උපදෙස් ලබාදෙනු ලැබුවේ අද (02) අනූපමා වැඩසටහන තුළ ලහිරු මල්ලී දෛනික පුවත්පත් සමාලෝචනය ගෙන එන අවස්ථාවේදීය.

නිවුයෝක් ටයිම්ස් පුවත්පතේ සිංහල ප්‍රකාශය “නව මදය වෙලාව” ලෙස එළි දැක්වීමට ද එහිදී එහි නිවේදිකා කුමාරි විසින් යෝජනාවක් ගෙනවිත් තිබේ.

කෙසේවුද, දෙරණ හිමිකරුවන් විසින් ඉදිරියේදී ඉංග්‍රීසි හා සිංහල පුවත්පත් දෙකක් එළිදැක්වීමට ද නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top