අනුරුද්ධ ජයසිංහ මහතාගේ අධ්‍යක්ෂණයක් වන ‘ගින්නෙන් උපන් සීතල‘ (The Frozen Fire) චිත්‍රපටය මේ අයුරින් 2019 ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන ධාරාවට එක්වීමට නියමිතය.
ප්‍රවීණ නළු කමල් අද්දරආරච්චි විසින් මෙහි ප්‍රධාන චරිතය වන රෝහණ විජේවීරයන් ගේ චරිතයට පණ පොවන අතර, සුලෝචනා වීරසිංහ, දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්ණ, සුජීව ප්‍රියාල්, දීපානි සිල්වා, ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, සංජීව උපේන්ද්‍ර, අමල් රත්න ශාන්ත, සමීර හසුන්, චන්ද්‍රසෝම බිංදුහේවා, බුද්ධික ජයරත්න, ප්‍රසන්නජිත් අබේසූරිය, සුරාජ් මාපා, තුසිත් ලක්නාත්, හංසමාලා ජානකී, ජෙහාන් අප්පුහාමි, සුසාන් නිරෝෂන්, ජානක නිලංග, අංජන ප්‍රේමරත්න, මංජුල මොරගහ, චින්තක වාස්, ක්‍රිශාන්ත ජයබාහු, චින්තක කුලතුංග, ජීවනී කාරියවසම්, ලසන්ත ෆ්‍රැන්සිස්, පාලිත අබේරත්න හා බුද්ධික අබේරත්න ඇතුළු නළු නිළියන් පිරිසක් සෙසු චරිත සඳහා පණපොවයි.
සිනමා ක්ෂේත්රය තුළ උපදේශන සේවාවන් සපයන ප්‍රමුඛතම ඉන්දීය සමාගමක් වන All Lights Film Services (ALFS) සමාගම විසින් ‘ගින්නෙන් උපන් සීතල‘ (The Frozen Fire) සිනමාපටයේ ඔස්කාර් සිනමා උළෙලට අදාල කටයුතු භාරව කටයුතු කරනු ලබයි.
අනුරුද්ධ ජයසිංහ