Jul 08, 2018

ගායිකා ප්‍රියානිව ඇගේ සැමියා විසින් මරාදාලා !

ගායිකා ප්‍රියානි ජයසිංහ පවුලේ ආරවුලක් හේතුවෙන් අද (08) සවස ඝාතනයට ලක්ව තිබේ.

ඇගේ පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති අතර ඝතනය සම්බන්ධයෙන් පොලිසිය ඇගේ සැමියා සැකකරුනු ලබයි.

නිවසේ භාවිතයට ගන්නා කතුරකින් පහරදී මෙම ඝාතනය සිදු කර තිබේ.

පොලිසීය පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අත්අඩංගුවට ගත් බවයි.

ප්‍රියානි දෙදරු මවක වූ අතර ඇගේ පුතුන් ලොශිත හා හසරැල්ය.

වැඩිමල් පුතු ඇගේ අඩිපාරේ යමින් ඇය සමග ප්‍රසංග ගායනයට අවතීර්ණවූ ගායකයෙකි.

කඳුල නිවන්නම්, සුන්දර හදකට දී පෙම්වරම් ඇතුළු ජනප්‍රිය ගීත කිහිපයක් ඇය විසින් ගායනා කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top