මෙම උත්සවය ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න , ප්‍රවීණ රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙණිය, චිත්‍රපට අධ්යක්ෂ සුනිල් සෝම පීරිස් ඇතුළු කලා ශිල්පීන් රැසක් සහභාගී විය.
එහිදී සිනමා ක්‍රියාදාම ශිල්පීන්ගේ පදනමෙහි සභාපති වශයෙන් ක්ලීටස් මෙන්ඩිස් මහතාද ලේකම් තනතුර සඳහා ප්‍රවීණ සටන් නළු ටෙඩී විද්‍යාලංකාර මහතාද තේරීපත් විය. මෙරට සිනමා සටන් නළුවන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම , ජීවත රක්ෂණය හා සුභ සාධනය මෙම පදනම පිහිටුවීමේ ප්‍රධාන අරමුණු වේ.