Dec 20, 2016

කරීනා ට පුතෙක්

බොලිවුඩ් නළු නිළි යුවළක් වන කරීනා කපූර් හා සයිෆ් අලී ඛාන් ගේ කුළුඳුල් දරුවා අද (20) දිනයේදී මුම්බායි නුවර බ්‍රීච් කැන්ඩි රෝහලේ දී මෙලොව එළිය දැක ඇතැයි වාර්තා වේ.

කරීනා හා සයිෆ් ඔහුට ටයිමූර් අලී ඛාන් පටෝඩි ලෙස නම් තබා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සිය පුත් උපතේ සතුට සිය රසික රසිකාවියන් හා බෙදාගත් කරීනා හා සයිෆ්, ඔවුන් ට පසුගිය නව මාසයක කාලය පුරාවට ලබාදුන් සහය හා ආදරය සඳහා ස්තූතිය පළ කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top