Jul 18, 2018

නම හින්දා සනී ට ලෙඩක් වැටිලා

ආන්දෝලනාත්මක නිළියක් ලෙස සැලකෙන සනී ලියෝන් ගේ ජීවිතය ඔස්සේ නිර්මාණය වූ චරිතාපදාන කතා මාලාවක් සඳහා යොදා ඇති නම සම්බන්ධයෙන් ඉන්දීය සීක් නායකයන් සිය විරෝධය පළ කර තිබේ.

ඉන්දියාවේ අන්තර්ජාල ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් එකක් ලෙස සැලකෙන Zee5 විසින් ජූලි 16දා සිට ආරම්භ කර මෙම කතා මාලාවේ නම Karenjit Kaur: The Untold Story of Sunny Leone ය.

කරෙන්ජිත් කෝර් වොහ්රා (Karenjit Kaur Vohra) යනු සනී ගේ ඇත්ත නම වන නමුත්, ඇයව වැඩිවශයෙන් හැඳින්වෙන්නේ සනී ලියෝන් ලෙසයි.

කෝර් (Kaur) යන නාමය සීක් කාන්තාවන් විසින් සිය නමෙහි මැද කොටස හෝ වාසගම ලෙස භාවිතා කරනු ලබන අතර, එය සීක් භක්තිකයන් අතර ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවයේ සංකේතයක් ලෙසද සැලකේ.

ඇතැම් සීක් නායකයන් පවසන්නේ මෙමගින් කෝර් යන නාමයේ පවිත්‍රත්වයට කැළලක් සිදුවන බවයි.

කෙසේවෙතත්, Zee5 අයත් Essel සමාගමේ සභාපති සුභාෂ් චන්ද්‍රා පවසා ඇත්තේ සනී හට උපතේදී ලද නාමය වෙනස් කළ නොහැකි බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top