Sathosa

Jul 19, 2018

මධූ කලං මරා දමයි !

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට පුවතක් මධුමාධව අරවින්ද මහතාගේ ෆේස්බුක් පලකිරීමක් පදනම් කරගනිමින් මේ වන විට සමාජජාල ඔස්සේ පැතිර යමින් තිබේ.නමුත් ඒ මහතා දැඩි ලෙස අසාධ්‍යව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකායේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර මියගිය බවට පැතිරෙන කතා රෝහල සහ ඒ මහතාගේ පවුලේ සාමාජිකයින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ වන විට මධුමාධව අරවින්ද මහතාගේ ෆේස්බුක් ගිණුමෙන් එම පලකිරීම ඉවත් කර ඇති අතර ඒ වෙනුවට මෙම සිද්ධිය පාදක කරගත් වෙනත් පලකිරීමක් සිදුකර තිබේ.

77 වන වියෙහි පසුවන ඒ මහතා සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ මතකයේ රැඳෙන රංගනයන්ට දායක වූවෙකි.1969 හන්තානෙ කතාව,1974 අහස් ගව්ව, 1978 බඹරු ඇවිත්, 1982 යස ඉසුරු, 1986 පූජා , 1994 අහස් මාළිගා සහ 2009 රෝස මල් සයනය ඔහු රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයකි.

ටෙලිනාට්‍ය කලාවේ ආරම්භක යුගයේ දිමුතු මුතු ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑම නිසාද ඔහු කා අතරත් ප්‍රකට විය.1974දී හොඳම නළුවාට හිමි සම්මානය හා 1986දී හොඳම සහාය නළුවාට හිමි ජනපති සම්මානය ඔහුට හිමි විය.තිදරු පියෙකුවූ කලංසූරිය මහතා මහනුවර උපන්නෙකි. ඔහු ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකි.

මධුමාධව අරවින්ද වැනි කලාවෙන්ද දේශපාලනයෙන්ද වගකීමක් කරට ගත් පුද්ගලයින් මෙසේ වගකීමකින් තොරව කරන අසත්‍ය ප්‍රකාශ පිළිබඳව බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය අප්‍රසාදය පලකර සිටී.

37347235 488746231576016 3676687121445289984 n

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top