Sathosa

Jul 24, 2018

චීන - ලාංකික සිසුන් ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹදී (ඡායා)

ශ්‍රී ලාංකික සිසුන් සමග චීනයේ,බෙයිජිං,ටියංජිං සහ හෙබෙයි නගරවල සිසුන් විසින් ඉදිරිපත් කරන ඒකාබද්ධ සිසු චිත්‍ර ප්‍රදර්ශනය ඊයේ (23) කොළඹ ප්‍රසාංගික හා දෘෂ්‍ය කළා විශ්ව විද්‍යාලයේ ,ජේ.ඒ.ඩී.පෙරේරා ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අධ්‍යක්ෂ ලියූ තුං, විදේශීය රටවල මිත්‍රත්වය සඳහා වන බෙයිජිං ජනතා සංගමයේ නියෝජිත ෂියු ජින්ෂයු(මහත්මිය), ශ්‍රි ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර,යන මහත්ම මහත්මින් සහභාගි වුහ.

බෙයිජිං හී පැවති ශ්‍රි ලංකා සංස්කෘතික සතිය පදනම් කොට 21 වන සියවසේ සේද මාවත සංකල්පය තේමාකොට මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.ප්‍රදර්ශනය සඳහා දෙරටේ සිසුන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර 100 ක් පමණ එක්කොට තිබු අතර ශ්‍රි ලංකා හා චීන සිසුන්ගේ කුසලතා හා දක්ෂතා ප්‍රදර්ශනය කිරීම අරමුණු කොට ගෙන දෙරටේ, සංස්කෘතික ,සමාජ ජීවිතය හා සංවර්ධනය පිළිඹිබුවන පරිදි මෙම චිත්‍ර නිර්මාණය කොට තිබේ.

ප්‍රදර්ශනය සඳහා චිත්‍ර නිර්මාණය කළ චීනයේ සිසුන් සහ විදේශීය රටවල මිත්‍රත්වය සඳහා වන බෙයිජිං මිත්‍ර සංගමයේ උසස් නිළධාරින්ද, මෙම ප්‍රදර්ශනයට සහභාගිවි සිටියහ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top