පැරණි ග්‍රීක - ලතින් මිත්‍යා කතා චරිත දෙකක් වන නාසිසස් සහ එකෝ ඇසුරින් නිර්මාණිත ගීතයක් මෙරට ගීත අතරට වෙනස්ම ආකාරයෙන් එක්වීමට නියමිතයි. එය අද්‍යතන සමාජය කියවීමේ කැඩපතක්.
මේ ගීතයේ අප්සරාවගේ විලාපයට වචන දෙන්නේ අශෝක හඳගම. අප්සරාවට හඬ දෙන්නේ ඉන්දිකා උපමාලි. විලාපයට තනුව දෙන්නේ චිත්‍රාල් සෝමපාල.
" මම දෝංකාරයයි" යනුවෙන් නම් යෙදුණු මේ ගීතයේ සංගීත වීඩියෝව හඳුන්වාදීම 2018 අගෝස්තු 01 වෙනි බදාදා සවස 4:00 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ දී සිදු කෙරෙනවා.
එහිදී නාසියස්ගේ ස්වයං ආලයත් මිරිඟුවට හඬන අප්සරාව ගැනත් සංවාදයක් ගොඩනඟන්නට සමන් වික්‍රමාරච්චි සහ දීප්ති කුමාර ගුණරත්න එක්වෙනවා.
ඉන්දිකා උපමාලි සහ චිත්‍රාල් සෝමපාල ගායනයෙන් සහ රංගනයෙන් දායක වන මෙම ගීත වීඩියෝවට චන්න දේශප්‍රිය කැමරාකරනයෙන් සහ උපුල් චමිල බණ්ඩාර කලා අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා. "මම දෝංකාරයයි" අශෝක හඳගම ගේ අධ්‍යක්ෂණයක්.
මේ මිහිරි විලාපයක්. අහන්න එන්න කියන්නේ වීවෘත ආරාධනාවකින්.