Sathosa

Jul 30, 2018

රිතික් - සුසෑන් ආයිත් බඳියි ද?

සිය විවාහය දික්කසාදයකින් කෙළවර වුවත්, බොලිවුඩ් නළු රිතික් රොෂාන් හා ඔහු ගේ හිටපු බිරිඳ වන සුසෑන් ඛාන් යනු අදටත් එකිනෙකාට නොමදව සහය දෙමින් එකිනෙකාව ඉතා සමීපව ඇසුරු කරන දෙදෙනෙකි.

සිය දරුවන් වන රෙහාන් හා රිදාන් සමග නිතරම විනෝද ගමන් යෑමට මොවුන් දෙදෙනාම නිතරම එක්වන අතර, ඒ හේතුවෙන් රිතික් - සුසෑන් යුවළ යළි විවාහ වීමට නියමිත යැයි විවිධ කටකතා ද පැතිර යමින් තිබේ.

මේ සම්බන්ධයෙන් රෝෂන් පවුලට සමීපතමයෙක් ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම වාර්තා බොහෝ දෙනා ගේ හදවත් වල ඇති හුදෙක් ප්‍රාර්ථනා පමණක් බවයි. මේවන විට සිය දරුවන් හට මව්පියන් දෙදෙනාගේ ආදරය සෙනෙහස වඩාත් හොඳින් ලබාදීමට සිය දරුවන් සමග කාලය ගත කිරීමට රිතික් හා සුසෑන් දෙදෙනාම එක්වන බවත්, ඉදිරියේදී ඔවුන් දෙදෙනා හට යළි එක්වීමට අදහසක් පහළ වුවහොත්, එය එකිනෙකාට පවසා තීරණයක් ගැනීමට ඔවුන් නොපැකිළෙනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top