Sathosa

Jul 31, 2018

ප්‍රවීණ රංගන ශිල්පී ලොයිඩ් මිය යයි

දශක තුනකට අධික කාලයක් සිනමාව, රුපවාහිනිය ,වේදිකාව හැඩකළ ප්‍රවීණ රංගන ශිල්පී ලොයිඩ් ගුණවර්ධන මහතා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර මියයන විට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවිය.

ප්‍රවීණ වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකු මෙන්ම සිනමා, රූපවාහිනී, වේදිකා නාට්‍ය ශිල්පි ලොයිඩ් ගුණවර්ධනයන්ගේ දේහය මේ වනවිට කොළොන්නාවේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (01දා) සිදුකිරීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top