Sathosa

Aug 02, 2018

සෝමෙටයි රේණුටයි එරෙහිව මනිවානන් නීති මඟට

සිනමා ටෙලි නාට්‍ය රචක සහ සිනමා කතා රචක නඩරාජා මනිවානන් මහතාගේ නිර්මාණයක් ඔහුගේ අනුදැනුමකින් තොරව චිත්‍රපටයක් තැනීම සඳහා භාවිතා කිරීම යන මූලික කරුණු යටතේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා සහ නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය වෙත නඩු පැවරීමට කටයුතු කරන බව දන්වා ඇතැයි වාර්තාවේ.

ඒ අනුව අදාළ නඩු පැවරීමේ නිවේදනය නීතිඥයෙකු මාර්ගයෙන් අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක සහ නිෂ්පාදිකා රේණුකා බාලසූරිය වෙත යෙමුකර ඇතැයි සිනමා රචක නඩරාජා මනිවානන් මහතා පවසයි.

සුනාමි ව්‍යසනයෙන් අතුරුදන් වූ දරුවකු පසු කාලයකදී ජාතීන් හා අනන්‍යතාවයන් මාරුවීමත් පසුව සුවිශේෂී ලක්ෂණ මත හඳුනාගැනීමක් මත ගොඩනඟා ඇති සංවේදනාත්මක කතා පුවතක් මෙම නිර්මාණය සඳහා පාදකවී ඇතැයි එම නිවේදනයෙහි සඳහන් වේ.

සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක සහ නිෂ්පාදිකා රේණුකා බාලසූරිය වෙත යොමු කළ බව පැවසෙන නිවේදනය පහත දැක්වේ.

38283022 2164069760269804 5933427049464070144 n

37958077 2164069810269799 6234288864303775744 n

38392411 2164069706936476 6026829501386719232 n

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top