Aug 03, 2018

“මම කැමතිම චොකලට් මෙයා ආස බිස්කට්” සමඟ චාන්දනී

සිනමාව තුළ නිරන්තරයෙන්ම පෙනෙන චාන්දනී සෙනෙවිරත්න කලකට පසු ළමා නාට්‍යයකට රංගනයෙන් දායක වේ.

ඒ සචිත්‍ර රාහුබද්ධගේ “මම කැමතිම චොකලට් මෙයා ආස බිස්කට්” නාට්‍යය සදහාය.

මේ නාට්‍යයේ මංගල දර්ශනය අගෝස්තු 10දා සවස 6.30ට බිෂෝප් විද්‍යාලයීය රංගශාලාවේදී පැවැත්වීමට නියමිතය.

වේදිකා නාට්‍යයක් හරහා වර්තමානයේදී ආර්ථික වාසි ලබාගැනීමට අපහසු යුගයක මෙය බාරගෙන ඇත්තේ එහි නිෂ්පාදක තිමිර රාජපක්ෂයි. චාන්දනී සෙනෙවිරත්න, ජනක කුඹුකගේ, ජයනාත් බණ්ඩාර වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ඉමායා බෝගොඩ, නවිඳු මනතුංග, ශානක උදාර කියන ළමා නාට්‍ය රංගන ශිල්පීන් මේ නාට්‍යයට රංගනයෙන් දායක වේ. මෙම නාට්‍ය රටවටා සහ ලෝකය වටා රැගෙන යාමටද අපි බලාපොරොත්තු වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top