‘විකල්ප’ වෙබ් අඩවියේ පාඨකයන්ට මෙන්ම පොදු ජනයාටත් නොමිලේ විවෘතව පවතින මෙවර ප්‍රදර්ශනය වඩා වෙනස් මුහුණුවරකින් පැවැත්වීමට නියමිත අතර ඒ සම්බන්ධ සියලු තොරතුරු විකල්ප ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම් පිටු හරහා ද පහත ලිනික් එක මත ක්ලික් කිරීමෙන් ද ඔබට ලබා ගත හැකිය.
මෙම ඡායාරූප ප්‍රදර්ශනය ‘විකල්ප’ වෙබ් අඩවියේ පාඨකයන්ට මෙන්ම පොදු ජනයාටත් විවෘත වන අතර එහිදී 2009 සිට 2017 දක්වා ශ්‍රී ලංකාව තුළ සිදු වූ හා සිදු කළ අතුරුදන්වීම්, ඉඩම් අත්පත්කර ගැනීම්, අභ්‍යන්තර අවතැන් වූවන්, මාධ්‍ය මර්දනය, ජාතීන්ට එරෙහි හිංසනය ඇතුලු කොට වූ පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් ඡායාරූප ඔස්සේ දැකගැනීමට හැකිවේ.