Sathosa

Aug 07, 2018

දේවින්ද ගේ ‘භවතරණ’ ට චීනයේදී සම්මානයක්

දේවින්ද ඩී. කෝන්ගහගේ මහතා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිංහල චිත්‍රපටයක් වන භවතරණ චිත්‍රපයට චීනයේදී සම්මානයක් හිමිවී තිබේ.

ඒ, ජූලි 29 - අගෝස්තු 01 දා දක්වා චීනයේ ටයිසූ හි පැවැත්වුණු Asia Tourism Induced Film and Television Awards Festival 2018 නම් වූ චිත්‍රපට හා රූපවාහිනි සම්මාන උළෙලේදීය.

මෙහිදී ජාත්‍යන්තර කාණ්ඩය යටතේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස භවතරණ චිත්‍රපටය සම්මානයට පාත්‍ර විය.

චීනය හා තවත් රටවල් 25 සිනමා නිර්මාණ 1,200කට අධික ප්‍රමාණයක් මෙම තරගයට ඇතුළත් කර තිබුණි.

කෝන්ගහගේ මහතා වෙනුවට මෙම සම්මානය භාරගනු ලැබුවේ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී - ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය විසිනි.

IMG 2539

Picture 637 425

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top