Aug 08, 2018

සුගත් උතුරේ රාහුල හිමි හා යළි වැඩට බසියි (වීඩියෝ)

අසූව දශකයේ ජනප්‍රිය වේදිකා නාට්‍යක් වූ සුගත් සමරකෝන්ගේ “උතුරේ රාහුල හිමි” වේදිකා නාට්‍ය නව රංග ප්‍රවේශයකින් නැවතත් වේදිකා ගතවීමට නියමිතය.

“උතුරේ රාහුල හිමි” මුලින්ම වේදිකාවට පැමිණියේ 1984 වසරේදීය.

ඇමරිකාව, එංගලන්තය වැනි බටහිර රටවල ජනප්‍රිය නාට්‍ය සම්ප්‍රදායක් වන ජීවත්වන යුගයේ දේශපාලකයින් ඇතුළු සමාජයේ විවිධ කේෂත්‍රවල අයගේ චරිත ඒ ආකාරයෙන්ම වේදිකාවමත ප්‍රතිනිර්මාණය කරමින් ඔවුන්ගේ කතාබහ, හැසිරීම් රටාවන් හාස්‍යෝත්පාදක ලෙස රංගගත කිරීමේ ශෛලිය අනුව මෙම වේදිකාව නාට්‍ය සකස්කර තිබේ.

මේ නාට්‍ය කිහිපවරක්ම තහනමට ලක්වූ එකකි.

මෙවර මිලින්ද පෙරේරා රාහුල හිමි ලෙස රංගනයෙන් දායක වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top