Pasidol

Sathosa

Aug 10, 2018

ඔස්කා ජනප්‍රිය සම්මානයට හොලිවුඩයෙන් බකට්!

ලබන පෙබරවාරියේ දී පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උළෙල සඳහා නව ‘ජනප්‍රිය සම්මානයක්’ හඳුන්වාදීමට ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් හොලිවුඩ් පුදවරයේ දැඩි අප්‍රසාදය එල්ල වී තිබේ.

මෙම තීරණය පසුගිය බදාදා ප්‍රකාශයට පත්වීමත් සමග බ්ලැක් පැන්තර්, මිෂන් ඉන්පොසිබල් හා මමා මීයා : හියර් වී ගෝ අගේන් යන චිත්‍රපට වලට ඔස්කා සම්මාන හිමිවීමේ අවකාශයක් ලැබී ඇතැයි පැවසේ.

තවද, ඔස්කා සම්මාන උළෙල පවත්වනු ලබන Academy of Motion Picture Arts and Sciences (Ampas) ඇකඩමිය විසින් සම්මාන උළෙලේ රූපවාහිනි විකාශය පැය තුනක් දක්වා කපාහැරීමටද තීරණය කර තිබේ. මීට අමතරව, සම්මාන උළෙලේ දින වකවානු ඉදිරියට ගෙන ඒමට කටයුතු සිදුවනු ඇතැයි ද පැවසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්ලේෂකයන් පවසන්නේ Ampas ඇකඩමිය විසින් ඉහත තීරණය ගැනීමට පෙළඹී ඇත්තේ අවසන් වරට පැවැත්වූ ඔස්කා සම්මාන උළෙලේ රූපවාහිනී විකාශය නැරඹූ පිරිස වාර්තාගත ලෙස අඩුවී ඇති බවට හෙළීවීමත් සමග බවයි.


 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top