Sathosa

Aug 14, 2018

රොෂානාට බොරු පොරොන්දු දුන් අයෙක් දැලේ !

ජපානයේ නිෂ්පාදිත සුඛෝපභෝගී වර්ගයේ මොටර් රථයක් ආනයනය කර දෙන බව පවසා සිනමා හා ටෙලිනාට්‍ය නිළියක් වන ඇන්ඩලීන් රොෂානා ඔන්ඩච්චි මහත්මියගෙන් රුපියල් ලක්ෂ දහයක් වංචා සහගතව ලබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (13) මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් වසරේ (2017) ඔක්තෝබර් 28 වැනිදා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණි රංගන ශිල්පිනිය තමන්ට ජපානයෙන් වාහනයක් ආනයනය කරදෙන බව පවසමින් තමන්ගෙන් වංචා සහගතව රුපියල් ලක්ෂ දහයක මුදලක් එම පුද්ගලයා ලබාගත් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබී ඇත.

පසුව බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් සෙයා බලන ලෙස කළ නියෝගයකට අනුව ක්‍රියාත්මක වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කළ පරීක්ෂණවලින් තහවුරු කරගත් කරුණු මත කොහුවල පිහිටි එම පුද්ගලයාගේ කාර්යාලයේදී ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එම පුද්ගලයා 2016-09-21 දින එකී මුදල ලබාදී ඇති බව රංගන ශිල්පිනිය කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.

මාස තුනක් ඇතුළත සුඛෝපභෝගී මෝටර් රථය ලබා දෙන බවත් ඔහු පැවැසූ බවද එම පැමිණිල්ලේ සඳහන්ව ඇත.

එම මෝටර් රථය ලබාදෙන තෙක් පාවිච්චි කිරීමට පරණ මෝටර් රියක් තමන්ට ලබාදී තිබූ බවද ඇය විසින් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මාස හතරක පමණ කාලයක් ගතවුවත් තමන්ට ලබා දෙන බව පැවැසූ මෝටර් රිය නොලැබුණ බවත්, 2017-02-17 වන දින අදාල පුද්ගලයාගේ මිතුරෙක් පැමිණ ලබාදී තිබෙන කාර් රථය ඔහුගේ එකක් යැයි පවසමින් නැවත රැගෙන ගිය බවද රංගන ශිල්පිනිය පොලීසියට පවසා ඇත.

තමන්ගෙන් ලබාගත් රුපියල් ලක්ෂ දහය වෙනුවට බොරැල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවකින් මුදල් ලබාගන්නා ලෙස පවසමින් එම මුදලට සරිලන සේ 2017-06-22 දින ලබාදුන් චෙක්පතද අගරු චෙක් පතක් බවද එය ගිණුම් ගත කිරීමේදී බැංකුවෙන් පැවැසූ බව රංගන ශිල්පිනිය කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පැවැසීය.

අත්අඩංගුවට පත් පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත බාරදී ඇති බවත් අද (14) දින නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පැවැසීය.

බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් සැරයන් 20553 මෙන්ඩිස්, පොලිස් කොස්තාපල් 40248 ප්‍රසන්න, 84762 කුමාර, 51496 බණ්ඩාර යන නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top