Sathosa

Aug 15, 2018

"මගේ බිරිඳ අහිංසක නිසා මම නීතිය ඉදිරියට ගියා" - ධනංජය

ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධන සහ ඔහුලේ බිරිඳට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. වාර්තාවන පරිදි අන්තර්ජාල බ්ලොග් අඩවියක ධනංජය සහ ඔහුගේ බිරිඳ අතර ඇතිවූ පවුල් ප්‍රශ්නයක් හේතුවෙන් ඔවුන් පොලිසියට ගිය බවත් බිරිඳ පොලිසියෙදී කලහකාරී ලෙස හැසිරුණු බවත් සඳහන්ව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන ධනංජය,

"මේක අමූලික බොරුවක්. මමයි බිරිඳයි ගොඩාක් සතුටින් ආදරයෙන් ඉන්නවා. මේ දවස්වල මගේ චිත්‍රපටයක් සහ ටෙලි නාට්‍යය 5ක් විකාශය වෙනවා. ඔය අතරේ මගේ “ප්‍රාණ” රංගන පාඨමාලා පන්තියත් සාර්ථකව පවත්වාගෙන යනවා. කෙනෙකුගේ සාර්ථකත්වය දකිද්දී ඒක දරාගන්න බැරි ලෙඩෙක් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. විකෘති මානසික තත්ත්වයන්ගෙන් පෙළෙන මේ විදියේ අසහනකාරයෝ ජීවත්වෙන්නේ මේ වගේ වබේ අඩවිවලින් ලැබෙන සල්ලිවලටත් මගේ මේ පුවත Search කරන වාරයක් පාසා ඒ අයට මුදලක් ලැබෙනවා. ඔවුන් බත් වේල කන්නේ ඒ මුදලින්. එහෙම හිතලා ඒ වගේ හිඟන චරිතවලට අනුකම්පා කරන එක තමයි කරන්න තියෙන්නේ".

"මම මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ඉදිරියට ගියා. මම රංගන ශිල්පියෙක් වුණාට මගේ බිරිඳ සාමාන්‍ය ගැහැනියක්. ඈ හරි අහිංසකයි.ඇගේ ඡායාරූප දාලා ඇයට කළ අපහාසය මට ඉවසන්න බැහැ. ඒ නිසයි මම නීතිය ඉදිරියට ගියේ. ඉදිරියේදී ඒ අයට ලැබිය යුතු දඬුවම් ලැබේවි".

"සයිබර් අවකාශයේ ප්‍රහාරවලින් අද අපේ බොහෝ ජනප්‍රිය තරු බැට කනවා. නමුත් නොදැනුවත් බව හින්දා ඒ අය නිහඬ වෙනවා. ඒ හින්දා මේ වගේ විකෘති මානසික තත්ත්වයෙන් පෙළෙන්නන් සයිබර් අවකාශයේ රජ කරනවා. මේ වගේ දේවල්වලට එරෙහිව නීතිය ඉදිරියට යන්න පුළුවන්. මුලින්ම කළ යුත්තේ ළඟම ඇති ‍පොලීසියට පැමිණිලි කරලා අදාළ පුද්ගලයන් සෙවීම CID එකට භාරදෙන එකයි. ඒ සමගම Cyber Crime එකටත් පැමිණිලි කළ යුතුයි. අදාළ පියවර ගැනීම ඉන් සිදුවනවා. මේ සිදුවීම පිටුපස සිටින අය ඉදිරියේදී රටටම දැනගන්න ලැබේවි" යැයි මාධ්‍යයට කරණු දක්වා ඇත .

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top