මේ වන විට 60 වියේ පසුවන ෆිෂර්, මෙලෙස අසනීප වූයේ ලන්ඩනයේ සිට ලොස් ඇන්ජලිස් නුවර දක්වා ගමන් කරමින් සිටි ගුවන් යානයකදීය. යානය ලොස් ඇන්ජලිස් නුවරට ගොඩබෑමට විනාඩි 15ක් පමණ තිබියදී ෆිෂර් ට හෘදයාබාධය වැළඳුනු බවත් ඇයට වහාම ප්රථමාධාර දුන් බවත් විදෙස් වාර්තා වල දැක්වේ.
මෙහිදී ඇයගේ හෘදස්පන්දනය යළි ලබාගැනීමට විනාඩි 15ක් පමණ ගත වී ඇති බව පැවසේ.
යානය ගොඩබිම නැවැත්වූ වහාම ඇයව රෝහල්ගත කර ඇති බවත් ඇය මේ වන විට දැඩි සත්කාර ඒකක ප්රතිකාර ලබන බවත් ඒජන්සි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
සිය නවතම ග්රන්ථය වන ‘ද ප්රින්සස් ඩයරිස්ට්’ ප්රවර්ධනය කිරීමට ඇය ලන්ඩනය බලාගොස් තිබුණි.