Aug 18, 2018

'මං කෙලින් මිනිහෙක්' තහනම් !

නිර්මාණශීලි තරුණ නාට්‍යකරුවෙකු ලෙස ප්‍රකට අසංක සායක්කාරගේ ' මං කෙලින් මිනිහෙක්' වේදිකා නාට්‍යය තහනම් කිරීමේ සුදානමක් ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ආරංචිමාර්ග වලින් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය විසින් 'වැඩිහිටියන්ට පමණයි' ලේබලය යටතේ ප්‍රදර්ශනයට අවසර දී තිබු මෙම නාට්‍යයේ ඇතැම් කොටස් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් එල්ලවී ඇති විවේචන සැලකිල්ලට ගෙන මෙම තහනම පැනවීමට යන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

සෘජුවම ලිංගිකත්වය ගැන කතාකරන මෙම නාට්‍යයේ තවත් දර්ශනයක් හෙට (18) බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හි දී වේදිකාගත කිරීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top