වැඩිහිටියන්ට සීමා වූ නාට්‍යක කොටස් මාධ්‍ය ඔස්සේ සමස්ත සමාජය වෙත මුදා හැරීම සහ අනුමත පිටපතෙහි නැති දෙබස් නාට්‍ය සඳහා යොදා ගැනීම නිසා මෙම නාට්‍ය සඳහා ලබා දුන් බලපත්‍රය පසුගිය 17 වැනි දා යළි කැඳවූ බව ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය කියයි.
නාට්‍යයේ අලුත් පිටපත මණ්ඩලයේ සමීක්ෂණය සඳහා ඉදිරිපත් කිරීමෙන් පසු ‘වැඩිහිටියන්ට පමණක්‘ සීමා වූ බලපත්‍රයක් ‘මං කෙළින් මිනිහෙක්‘ පිටපතට නිකුත් කළ බව ද එම මණ්ඩලය සඳහන් කරයි.
පසුගිය අගෝස්තු 20 වන දින අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අසංක සායක්කාරගේ “මම කෙලිං මිනිහෙක්” වේදිකා නාට්‍යයට එරෙහිව පියවර ගන්නා ලෙස දන්වමින් පොලිස්පතිවරයාට ලිපි යොමුකර තිබුණි.
සබැඳි පුවත් :