Aug 26, 2018

සමනලී, නදී, මහේන්ද්‍ර සහ ජැක්සන්ට සිග්නීස් සම්මාන

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති සීග්නීස් උත්තමාචාර 2018 සිනමා සහ ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රිය රංගන ශීල්පීන් ශිල්පිනියන් වන සමනලී ෆොන්සේකා, නදී කම්මැල්ලවීර, මහේන්ද්‍ර පෙරේරා, ජැක්සන් ඇන්තනී සම්මානයෙන් පිදුම් ලැබූහ.

එහීදී වසරේ නිර්මාණශීලි හොඳම සිනමා නළුවාට හිමි සම්මානය ධර්මයුද්ධය චිත්‍රපටයේ හරිස්චන්ද්‍රගේ චරිතය නිරූපණය කිරිම වෙනුවෙන් ජැක්සන් ඇන්තනී මහතාට හිමිවිය.

වසරේ නිර්මාණශීලී හොඳම සිනමා නිළිය ලෙස සම්මානය හිමිවුයේ ප්‍රේමය නම් චිත්‍රපටයේ සමාධිගේ චරිතය නිරූපණය කළ සමනලී ෆොන්සේකා මහත්මියට ය.

නිර්මාණශීලි හොඳම ටෙලි නාට්‍ය නළුවා ලෙස බැද්දේ කුලවමිය ටෙලි නාට්‍යයේ එඩ්වින්ගේ චරිතය නිරූපණය කළ මහේන්ද්‍ර පෙරේරා මහතාට හිමිවූ අතර සහ වසරේ නිර්මාණශිලි හොඳම ටෙලි නාට්‍ය නිළිය බැද්දේ කුලවමිය ටෙලි නාට්‍යයේ චන්චලාගේ චරිතය නිරූපණය කළ නදී කම්මැල්ලවීර මහත්මියටය.

Cinama 2018.08.25 1

Cinama 2018.08.25 2

Cinama 2018.08.25 3

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top