Sathosa

Aug 27, 2018

දිනක්ෂි ශලිනිට ඡන්දෙ දෙයි

රංගන ක්ෂේත්‍රයේ නිළියන් අතර ඇති තරඟයේ අතීත කතාව ඈතට දිව යන්නක්. කාලෙන් කාලෙට නිළියො දෙන්නෙක් කෙහෙවලු පටලවා ගැනීම විටෙක ඔවුන් හාස්‍යයට ලක් කරන්නක් වුණා. "ඔබට අභියෝගයක් වන කෙනෙක් ක්ෂේත්‍රෙය් සිටිනවාද ? " මේ නිළියක් සම්මුඛ සාකච්ඡාවකට එක්වීමේදී අහන සාමාන්‍ය ප්‍රශ්නයක්. ඒත් මේ කියන්නේ අද කාලේ සහෝදරත්වයෙන් වෘත්තියේ යෙදෙන නිළියන් දෙදෙනෙක් ගැන. ඒ දිනක්ෂි සහ ශලිනි තාරකා...

සුමති සම්මාන උළෙලට තව තියෙන්නේ දින කිහිපයයි. 22 වැනි සුමති සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් නිකුත් කෙරුණා. එහිදී ශලිනි තාරකා වගේම දිනක්ෂිද ජනප්‍රියම නිළිය සම්මානයට නිර්දේශ වී තිබුණා.. අද (27 දා)දිනක්ෂි ඇගේ ෆේස්බුක් පිටුවේ ශලිනිට ඡන්දය ලබාදී ඇයව ජනප්‍රියම නිළිය කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

මේ ඉල්ලීමේ විශේෂත්වය වන්නේ ඇගේම සහොදරිය වූ ශනුද්‍රි ප්‍රියසාද් ද ජනප්‍රියම නිළිය සඳහා වූ නාම යෝජනා අතර සිටීමයි. පසුගිය 25 වැනිදා වන විට වැඩිම මනාපගත් අය අතර පළමු ස්ථානය හිමිවුණේ ශලිනිට. තෙවැනි ස්ථානය ශනුද්‍රිට හිමිවූ අතර ශලිනි සිටියේ හය වැනි ස්ථානයේ. ශලිනියි දිනක්ෂියි කියන්නේ හොඳ යාළුවෝ. දිනක්ෂි ශනුද්‍රි කියන්නේ හොඳ සහෝදරියෝ. කෙහොම වුණත් මේ තරඟයේ දෙවැනි ස්ථානයේ සිටියේ ඉනිම ගොඉ දැමූ නයනතාරා.......

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top