Aug 27, 2018

"නිර්වස්ත්‍රං පරමං සුඛං" ගැන කියූ මධූගේ රෙදි ගැලවෙයි

"නිර්වස්ත්‍රං පරමං සුඛං" මේ දිනවල දැඩිව විවේචනයට ලක්වෙමින් පවතින, සම්මානනීය කලාකරු මාලක දේවප්‍රිය මහතා විසින් රචිත රෙඩියෝ නාට්‍යයකි. මේ පිළිබඳව සිය අදහස් දක්වන නළුවෙකු ගායකයෙකු මෙන්ම දේශපාලනයට සම්බන්ධ අයෙකුද වන මධුමාධව අරවින්ද මහතා සිය ෆේස්බුක් ගිණුමේ එහි රඟපාන නළු නිළි කැල අමතා මෙසේ සටහනක් තබා ඇත.

සල්ලි වලට ඕනෙ දෙයක් විකුනන බල්ලො සහ බැල්ලියො....

මෙතන ඉන්න සමහරු ගැන මටම පුදුමයි.

හැබැයි අනුන්ගේ මගුල් ලියල පොරක් වෙන්න මන් ආස නෑ... මේ මගේ කතාව...

මෙතන ඉන්න උන් එක්ක මන් තරහයි...
මුන් දවසක ඒක දැන ගයි.....
මුන්ගෙ මලගෙදරකවත් මම යන් නෑ....
මම මලාම මුන් නාවට කමකුත් නෑ..
ගොඩ වැඩිකරගන්න දගලන ....
නම හදා ගන්න දගලන....
උන් මැද.....

අපි ඇත්‍තක්......

මධුමාධව මේ නාට්‍යයෙන් කියවෙන යතාර්ථය තේරුම් නොගෙන මීට එක්ව සිටින නළු නිළියන් සමඟ ඇති තරහ පිරිමසා ගැනීමට ඉතාමත් වෛරී චේතනාවෙන් යුතුව මෙසේ ෆේස්බුක් සටහන් තබන්නේ දැයි ඇතැමුන් විමසා සිටිති.

මෙම නාට්‍ය බුදු දහමට කිසිදු නිගාවක් නොකරන බවත් එය නිවැරදි අයුරින් දැක වැරදි තීරණ ඉවත් කරගන්නා ලෙසත් පසුගියදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාද අදාල අමාත්‍යවරයා වෙත පාර්ලිමේන්තුවේදී දන්වා සිටියේය. කෙසේ වෙතත් මේ වන විට මෙම නාට්‍ය ඇතුළු කලා කෘති වාරණයට එරෙහිව විරෝධ රැල්ලක් නැඟෙමින් පවතී.

මීට පෙරද මධුමාධව කලාකරුවා නොසිතා නොවිමසා අමරසිරි කලංසූරිය මහතා මියගිය බවට පුවතක් ලහි ලහියේ පලකර හොට බිම ඇනගත්තේය. කලාකරුවකුවූ ඔහුට කලාව තේරුම්ගත නොහැක්කේ මන්ද යැයි නම සඳහන් නොකළ කලාකරුවෝ පිරිසක් "ශ්‍රී ලංකා මිරර්" සමඟ කියා සිටියේය.

comments

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top