මීට වසර එකහමාරකට පමණ පෙර මියගිය කැසට් පට යුගයේ සහ චිත්රපට පසුබිම් ගීත ක්ෂේත්රයේ ප්රවීන කලා ශිල්පියෙකු වූ සුනිල් විමලවීර කලාකරුවාට අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් උපන් දින සුභ පැතුමක් එවා තිබුණා.
පසුව එම ලිපිය ගැන අදහස් දක්වමින් සුනිල් විමලවීර මහතාගේ දියණිය අභිශේකා විමලවීර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා පවසා තිබුනේ "තාත්තා මියගොස් වසර එකහමාරකි. කුමක් කියන්නදැයි නොදනිමි. ලංකාව අරුම පුදුම රටකි" යනුවෙනුයි.
කෙසේ වෙතත් අදාළ සටහන ඇය විසින් මේ වන විට ඉවත්කර තිබෙනවා.
ඒ සම්බන්දයෙන් අප වෙත ප්රතිචාර දක්වමින් ඇය පවසා සිටින්නේ ඇගේ පෞද්ගලික ගිණුමට ලැබෙන ප්රශ්න වලට පිළිතුරු දීම මට කළ නොහැකි බවයි.
තවද එය දේශපාලන ගැටළුවක් බවට පත් වන බවක් පෙනී යන බවද ඇය පවසනවා.
ඇගේ අරමුණ වූයේ එය නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතාවත් රනිල් වික්රමසින්හ මහතාටත් මෛත්රීපාල සිරිසේන මහතාටත් කලාකාරියක ලෙස ඇය තුළ ඇත්තේ සමාන ගරුත්වයක් බවයි ඇය පෙන්වා දෙන්නේ.
එම ප්රකාශය කළේ දේශපාලන අරමුණකින් නොවන බවත් ඇය වැඩිදුරටත් පවසා සිටිනවා.
කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් ඇය තවත් සටහනක් සිය මුහුණු පොතට එක්කර තිබුණා. එහි දැක්වෙන්නේ.
"ලියුම සම්බන්ධ පෝස්ටුව මැරුනු තාත්තා ගැන සිතා ඉවත් කළෙමි.ලියුම ස්කෑන් කර ඉල්ලූ නන්ගීට ඉන්බොක්ස් කරමි.
තාත්තේ සමාවෙන්න.
දැන්වත් ඔබට සැනසීමක් ඉතුරු විය යුතුය!"
කෙසේ වෙතත් මෙම සටහනට ප්රතිචාර දක්වමින ඇතැමුන් ඇගෙන් පවසා සිටින්නේ තර්ජන නිසා එය ඉවත් කළාද යන්නයි.
අග්රමාත්යවරයා විසින් යැවූ ලිපිය පහතින්