Sathosa

Sep 03, 2018

‘ප්‍රවීණා - 2’ හින්දියෙන් මෙමස 25දා සිට (වීඩියෝ)

’ප්‍රවීණා’ ලෙස සිංහලෙන් හඬකැවූ ‘කසෝටී සින්දගී කේ’ නම් ඉන්දීය මෙගා ටෙලිනාට්‍යය යනු ලොවපුරා අතිශය ජනප්‍රිය වූවකි.

වසර 2001 - 2008 දක්වා ඉන්දියාවේ පුංචි තිරයේ දිස්වූ ‘කසෝටී සින්දගී කේ’ ප්‍රේම වෘතාන්තයේ ප්‍රේර්ණා - අනුරාග් ප්‍රධාන චරිත සඳහා පණපොවා තිබුණේ ශ්වේතා තිවාරි හා සෙසැන් ඛාන් විසිනි.

ඉන්දීය රූපවාහිනි ඉතිහාසයේ දීර්ඝතම ටෙලිනාට්‍යයක් ලෙස ඉතිහාසගත වී ඇති ‘කසෝටී සින්දගී කේ’ හි දෙවැනි කොටසක් ඇරඹීමට එහි නිෂ්පාදිකා එක්තා කපූර් පියවර ගෙන තිබෙන අතර, මෙහිදී ප්‍රේර්ණා - අනුරාග් නව ප්‍රේම වෘතාන්තයක් දිගහැරීමට නියමිතයි.

නව ටෙලිනාට්‍යයේ ප්‍රේර්ණා ගේ හා අනුරාග් ගේ චරිතය වලට පිළිවෙළින් එරිකා ෆර්නැන්ඩස් හා පාර්ත් සම්තාන් එක්වේ.

මෙම ටෙලිනාට්‍යය, සැප්තැම්බර් 25දා සිට ඉන්දියාවේ ස්ටාර් ප්ලස් නාලිකාවේ විකාශය වීමට නියමිතය.

'කසෝටී සින්දගී කේ - 2' හි හඳුන්වාදීමේ වීඩියෝව සඳහා එක්වී ඇත්තේ බොලිවුඩයේ බාද්ශාහ් ලෙස විරුදාවලි ලබන සුපිරි නළු ශාරුක් ඛාන් ය. එම වීඩියෝව එක්තා කපූර් විසින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක්කර තිබුණේ මෙසේය.

  

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top